අනුරාධපුර නගරයට ආසන්න පාසලක 10 වන වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15 ක බාල වයස්කාර පාසල් දැරියක් නීත්යානු කූල භාරකාරත්වයෙන් අපහරණයට ලක් කල වයස අවුරුදු 20 ක තරුණයකු ඊයේ (18 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා ගල්ගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අනුරාධපුර ප්රදේශයේ මිත්තණියගේ නිවසේ තාවකාලිකව නවාතැන්ගෙන සිටින අතරවාරයේදී දැරිය සමග හිතවත්කමක් ඇති කර ගෙන තිබූ බව පොලිසිය කියයි.
ඉන් අනතුරුව සැකකරු විසින් දැරිය රවටා හිතවතෙකුගේ නිවසට රැගෙන ගොස් මෙම අපරාධ ක්රියාව සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා අද (19දා) අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සහ නිලධාරිනියන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරති.